Colombo Today Local News

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

hamban232

හම්බන්තොට වරාය පරිශ්‍රය චීනයට බදු පදනම මත ලබාදීමේදී වරායට අයත් හෙක්ටයාර 2000ක භූමියක් චීනයට බදු පදනම යටතේ හිමිවන බවත් එසේම වරාය ගොඩකරමින් ඉදිකළ අක්කර 110ක නගරයක්ද නොමිලයේම වරාය බදු මත ලබාගන්නා සමාගමට පැවැරීමට රජය කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

‘අද’ පුවත්පතට සෑම බදාදා දිනකම මන්ත්‍රීවරයා ලියන කුරහන් සුවද තීරු ලිපියෙන් මන්ත්‍රීවරයා මේ බව අද (14දා) හෙළි කර තිබේ. ඔහුගේ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

“වරාය භූමියට හෙක්ටයාර 2000ක් අයත් වෙයි. එමෙන්ම වරාය ගොඩකරමින් ඉදිකළ අක්කර 110ක නගරයක් තිබේ. ආණ්ඩුව වරාය භූමිය පැවරීමෙන් පසු ඒ සමග අලුතෙන් තැනූ අක්කර 110ක සමස්ත භූමියද චීන සමාගමට හිමිවෙයි. එමෙන්ම අධික වටිනාකමකින් යුත් වරායක්, එය ඉදිකිරීමට ලබාගත් ණය මුදලට වඩා වැඩි මුදලකට විකිණීම සිදුකළද එය කරන්නේ වරායේ නියම තක්සේරු වටිනාමකට බොහෝ සෙයින් අඩු වටිනාකමක් යටතේය.”

Related posts

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකු රෝහලේ

Admin

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

“සර්“ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්

colombotoday

පාස්කු පැමිණිල්ල කාදිනල් දෙවියන්ගේ අධිකරණයට භාරදෙයි

colombotoday

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin