Colombo Today Local News

හම්බන්තොට වරාය චීන සමාගමට දෙන ගිවිසුම් රාමුට අත්සන් තැබේ

235324554හම්බන්තොට වරාය, රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිතව ප්‍රති සංවර්ධනය කිරීම සදහා ලංකා රජය චීනයට අනුබද්ධ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමග අවබෝධතා ගිවිසුම් රාමුවකට අත්සන් තබා ඇත.

චීන සමාගමෙන් සිදු කරන නිසි ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ඊට අදාළ අනුග්‍රාහක ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම ගිවිසුම අනුව වරායෙන් 80%ක කොටස් චීන සමාගමටත් 20%ක කොටස් ශ‍්‍රී ලංකා රජයටත් හිමි වීමට යෝජනා වී ති‍බේ.

චීන සමාගම මාගම්පුර වරායේ ප්‍රතිසංවර්ධනය සදහා ඇමරිකානු ඩොලර් බිලියන 1යි දශම 1යි 2ක් ආයෝජනය කරයි. එයින් ඩොලර් මිලියන 5 ක් අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමග සුරක්ෂිතයක් ලෙස වහා ගෙවිය යුතු වේ.

මේ අතර හම්බන්තොට වරාය පෞද්ගලීකරණය එරෙහිව සේවකයන් ඇරඹූ විරෝධතාවය මේ වන විටත් පැවැත්වෙමින් තිබෙනවා.
[fbvideo link=”https://www.facebook.com/SoyzaSL/videos/1168847803211012/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

 

Related posts

පයාගල දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

Admin

එදා කම්කරුවන්ගේ ලෙයින් රතු වූ රතු කොඩිය, අද අගමැති මන්දිරයේ වළං බාන රෙදි කෑල්ලක්…

colombotoday

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday