Colombo Today Local News

ඓතිහාසික වරදක් නිවැරදි වෙයි.. කැප්පෙටිපොළ ඇතුළු 18ක් ජාතික විරුවන් ලෙස නම් කෙරේ

1818 ඌව වෙල්ලස්ස කැරල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනෙකු රාජද්‍රෝහීන් ලෙස නම්කොට තිබූ 1818/01/18 ප්‍රකාශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර තිබේ.

ඒ අනුව ඔවුන් සියලු දෙනාට එල්ලවී තිබුණ චෝදනාවලින් නිදහස් කරමින් ඔවුන් සියලු දෙලා නිදහස් ශ්‍රී ලංකාවක් උදෙවා දේශානුරාගයෙන් සටන් වැදුණ වීරයන් ලෙස ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා විසින් අද (08දා) නිල වශයෙන් ප්‍රකාශය කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මෙම ගැසට් නිවේදනය 1818දී නිකුත් කළ අතර එය ජනපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් මගින් ප්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කර තිබේ.

මේ අනුව පහත සඳහන් ජාතික විරයන් සියලු චෝදනාවලින් නිදහස් කෙරිණි.
කැප්පෙටිපොළ දිසාවේ, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහා බෙත්මරාලේ, කුඩා බෙත්මරාලේ, පොල්ගොල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිව්ලේගෙදර මොහොට්ටාලේ, යාලගොම්මේ මොහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේරාලේ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බුටුවේ රටේරාලේ, බගිනිගහවෙල රටේරාළ, මහාබදුල්ලේ ගම්මානේ රටේරාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ හා පල්ලේමල්හෙයායේ ගමැතිරාලේ

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව වන නිර්දේශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කරන ලදී.

Related posts

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday

ජනපති දොස්මුරයෙන් හොදටම රිදෙයි.. අල්ලස් ලොක්කී ඉල්ලා අස්වී යන්න යයි !

colombotoday

“ලෝක හොරු අල්ලන්න FCID ඕනමයි.. වහන්නෙත් නැ, වහන්න දෙන්නෙත් නෑ” – නි.ඇමති අජිත්

colombotoday

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday