Colombo Today Local News

නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ විපක්ෂය මිරිහානේදී තීන්දුවක් ගනී !

ekabadda33ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් ඉදිරිපත් කොට ඇති අනුකාරක සභා වාර්තාවල සඳහන් ඇතැම් නිර්දේශවලට කිසිසේත් එකඟවිය නොහැකි බැවින් ඒවා සංශෝධනය කිරීමට රජය එකඟ නොවුවහොත් ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථාවට විරුද්ධ වීමට තීරණය කොට තිබේ.

මේ තීරණය ගෙන තිබෙන්නේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් මිරිහාන කෝට්ටේ අංක 262 ස්ථානයේ පැවැති වැඩමුළුවේදීය.

බෞද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිළිගැනීම, ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වීම වැනි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු වගන්ති කමිටු වාර්තාවලින්ද නිර්දේශ කොට ඇතත් ඒවාට අදාළව ඇතුළත් තවත් කරුණු හා නිර්දේශ අතර එකඟවිය නොහැකි බරපතළ කරුණු තිබෙන බව පැවැසූ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා එවැනි තත්ත්වයක් යටතේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් වුවහොත් ස්ථීර වශයෙන්ම එයට විරුද්ධ වීමට සිදුවන බව කීවේය.

මේ වැඩමුළුවේදී දයාන් ජයතිලක, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කල්‍යානන්ද තිරානගම මහත්වරුන් අදහස් දක්වා තිබේ.

Mawubima

Related posts

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

හිතාමතා සිදුකල අනතුරකින් පුද්ගලයෙක් මරුට

Admin

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

colombotoday

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

colombotoday

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

colombotoday

අප්‍රේල් 20 වනදා තෙක් වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් – දැඩි අවධානයෙන් සිටින්න

colombotoday