Colombo Today Local News

යාපනේදී පුහුණුවූ ISIS ත්‍රස්තයෙක් ඉන්දියාවේදී අල්ලයි.. කුරානය අධ්‍යනයට කියා තව 21ක් ඇවිත්

sakeer-naik232යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක්‌ මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක්‌ සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන තිබේ. එම තරුණයන් අයි.එස්‌. සංවිධානය සඳහා පුහුණු කර ඇත.

මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී ඇත.

කුරානය අධ්‍යයනය කිරීම සඳහා යයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

අධිපාක්‌ නමැත්තාගේ පියා සිය පුත්‍රයාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය බුද්ධි සේවාවට තොරතුරු හෙළිකර ඇතැයි ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි.

-දිවයින

Related posts

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

colombotoday

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday