Colombo Today Local News

මන්ත්‍රීලාගේ කල්ල මරේ !.. දීමනා ඩබල් වෙයි.. තව පඩි වැඩි කරන්නත් තීන්දුයි

t22hhfමන්ත්‍රීවරුන්ට සිය ආසනයේ සේවය කිරීම සඳහා ඔවුන්ගේ දීමනා වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28)පාර්ලිමේන්තුවේදී පැවසූ අතර ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයෙකුට මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට යෝජනා වී ඇති බවද දීමනා පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ වැටුප්ද වැඩිවිය යුතු බව සිය පෞද්ගලික මතය බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ කාර්යාල කුලිය මාසයකට රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනෙක් සිටිති. පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණිමේ දීමනාව ද දිනකට රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. කාර්යාල දීමනාව ලෙස මාසයකට රුපියල් 75000ක් සහ පාර්ලිමේන්තු කමිටු රැස්වීමක් සඳහා රුපියල් 5000ක් ගෙවීමට මීට කලින් කළ යෝජනාව වෙනුවට මෙම දීමනා ගෙවීමට යයි.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මෙම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිතය. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා පසුගිය සිකුරාදා මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයට අත්සන් කළ බවද වාර්තාවේ. මේ අනුව මාසයකට පාර්ලිමේන්තු රැස්වීම් අටකට සහභාගී වන මන්ත්‍රීවරයකුට රුපියල් 20000ක් ලැබෙනු ඇත.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ ප්‍රතිලාභ ද වැඩිකිරීමට සූදානම් කර ඇති අතර ඕස්ට්‍රේලියා රක්ෂණ සමාගමක් සමග මේ ගැන සාකච්ඡා කරගෙන යන බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

Related posts

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday

ජනාධිපති නිල නිවසින් හමු වූ මුදල් මහජන ආරක්ෂක ඇමැතිට භාරදෙන්න කිවූ දේශබන්දුට සිතාසි

Admin

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday

කොරෝනා රට පුරා පැතිරිලා රජය නිවැරදි තොරතුරු හංගනවා- රුවන් විජේවර්ධන

colombotoday

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

colombotoday

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

colombotoday