Colombo Today Local News

වොකස්වැගන් ජනවාරියේ එනවාමයි – අගමැතිගෙන් සහතිකයක්

woxvagon-sri-lanka

වොක්ස්වැගන් වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාව ලබන වසරේ ජනවාරි මස කුලියාපිටියේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කරන්නේ කවදා දැයි ඇතුළු බොහෝ දේ බොහෝ දෙනා විමසූ බව පැවැසූ රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය කර ලබන ජනවාරි මාසයේදී එහි වැඩ ආරම්භ කරන බවද අගමැතිවරයා කීය.

“ජනවාරි මාසයේදී තවත් නව කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු සංකේතාත්මකව අරඹන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එක්වී බිහි කළ ජාතික ආණ්ඩුව රටේ ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට අඩිතාලම දමා ඇතැයිද අගමැතිවරයා කීය. පක්ෂ දෙක එක්වීමෙන් ස්ථාවර ආණ්ඩුවක් ඇතිවී ඇති මේ මොහොතේ ඉන් ප්‍රයෝජන ගෙන රටේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකරන බවද අගමැතිවරයා අවධාරණය කළේය.

Related posts

අන්තරේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක

Admin

රාජ්‍ය නොවන සංවිධාන උවමනාවට ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර ගෙන ඒමට මා සුදානම් නෑ – ජනපති

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලය ගැන අහද්දී ඇමති කිරිඇල්ල තරහ ගනී.. වංගුවක් ගසා පැන යයි..

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

කොරෝනා නිසා රටපුරා පෙරුම්කායන් හිගයක් !

colombotoday