Colombo Today Local News

“ශාසනාරක්ෂක සභාව රැස්වෙයි“ සියළුම ජාතික සංවිධාන 19 නුවරට !

sasanarakshaka-sbශාසනාරක්ෂක සභාව නමින් නව ජාතික සංවිධාන එකමුතුවක් බිහිවී තිබෙනවා.

බොදු බල සේනා, සිංහල රාවය, රාවණා බලය, සිංහලේ ඇතුළු ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයන් ඊයේ කිරුලපනදී එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම සංවිධාන එකමුතුව පිහිටුවා තිබෙන්නේ.

ජාතික සංවිධාන නියෝජිතයෙක් අප සමග අදහස් දක්වමින් කියා සිටියේ ජාතික, ශාසනික වශයෙන් පැණ නගින ගැටළු සම්බන්ධයෙන් සහ සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව සිදුවන අන්තවාදී ක්‍රියාවලට එරෙහිව දැනට ක්‍රියාත්මක වන සංවිධාන සුපුරුදු පරිදි තනි තනිව ක්‍රියාත්මක වන බවත්, රටත්, ජාතියත්, ශාසනයත් සම්බන්ධයෙන් පොදුවේ මතුවන අභියෝග වලදී සියලු සංවිධාන “ශාසනාරක්ෂක සභාව“ ලෙස එක්වී සාකච්ඡාකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

පළමු පියවර ලෙස දැනට මතුව ඇති සහ, ඉදිරියේදී මතුවිය හැකි ජාතික ශාසනික අභියෝග සම්බන්ධයෙන් ත්‍රෛනිකායික නාහිමිවරුන්ගේ අවධානය යොමු කරවීමට කටයුතු කෙරන අතර, ඒ වෙනුවෙන් ලබන සෙනසුරාදා (19) ශ්‍රී දළදා වහන්සේ අභියසදී සියළු සංවිධාන සහභාගීත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමටද නියමිතව ඇත.

Related posts

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් එකම වේදිකාවකට

Admin

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින්

colombotoday