Colombo Today Local News

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

baykary-itm

වැට් බද්ද 11% සිට 15% දක්වා වැඩි කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

පාන් සඳහා වැට් බද්ද ක්‍රියාත්මක නොවූවද මාලු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවලට සියයට 15ක වැට් බද්දට අමතරව සියයට 2 ජාතිය ගොඩනැගීමේ බද්ද ද ඇතුළු සියයට 17ක් වශයෙන් බදු ඇතුළත්ව ඇති බවත් මේ හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු වී ඇති බවත් බේකරි හිමියා කබලෙන් ලිපට වැටී ඇති බවත් හෙතෙම සදහන් කළේය.

බනිස්, මාළු පාන් හා සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5.00කින් ඉහල යා හැකි බවද ඔහු පවසයි.

Related posts

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

colombotoday

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

ජොන්ස්ටන්ට යළි ඇප

colombotoday

හෙට රන්ජන්ට සමාව ඉල්ලා සජිත්ගෙන් ට්ව්ටර් පණිවුඩයක්

colombotoday

කපා කොටා ඝාතනය කළ කතකගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin