Colombo Today Local News

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

awaaaඋතුරේ “ආවා” කල්ලියට සම්බන්ධ තවත් හත් දෙනකු සහ ඔවුන් අපරාධ සඳහා යොදාගත් අවි ආයුධ තොගයක්‌ පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ අනුව මේ වන විට “ආවා” කල්ලියට සම්බන්ධ අපරාධකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම අපරාධකරුවන් අතර යාපනය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක අපොස උසස්‌ පෙළ පන්තිවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යන් දෙදෙනකු ද සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

“ආවා ගෲප්” කල්ලියට නායකත්වය දුන් “සන්තා” නමැති පාතාල නායකයා මේ වන විට සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

“ආවා” කල්ලිය විවිධ අපරාධ සඳහා යොදාගත් කඩු දෙකක්‌ විදේශ රටවලින් ගෙන්වන විශේෂිත පිහි තුනක්‌ ද අපරාධකරුවන් පදිංචිව සිටි යාපනය මනිප්පායි ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත.

Related posts

(PHOTOS) වස විස නැති රටක්…

colombotoday

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

Admin

සංඝමිත්තාගමනයෙන් සිරිලක බෝධි සංස්කෘතිය පිහිටවූ උදුවප් පුන් පොහොය අදයි…

colombotoday

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin