Colombo Today Local News

ට්‍රම්ප්ට බොදු බල සේනාවත් සුබ පතයි.. ඉස්ලාම් ත්‍රස්තයන් නැති කරන වැඩේ ඉක්මන් කරන්න ඉල්ලයි

23265-3232අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට බොදු බල සේනා සංවිධානය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ලෝක සාමයට තර්ජනයක් වෙමින් පවතින ඉස්ලාමික ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට සෘජු ප්‍රකාශ කරමින් අරාබි මුදල් ඇතුළු සියලු අන්තවාදී බලවේග ඉදිරියේ නොසැලෙමින් නව ජනපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතුම් පිරිනමන බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

රුසියානු ජනාධිපතිවරයා විසින් ගෙනගිය ඉස්ලාමික ත්‍රස්ත සංවිධාන මර්ධනය කරමින් ලෝක සාමය උදාකරලීමේ වැඩසටහන සඳහා බටහිර බලවතුන් විසින් විධිමත් සහයෝගයක් නොදුන් අතර ඇමරිකානු නව ජනාධිපතිවරයා විසින් එම තත්වය මගහැර බලවතුන් සියල්ල එක්කර ගනිමින් ලෝක සාමය සහ සහජීවනය ඇති කිරීමට ක්‍රියාකරනු ඇතැයි බොදු බල සේනා සංවිධානය බලාපොරොත්තු තබා තිබෙනවා.

Related posts

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

බෑණාගේ ටිපර් රථයට යට වී නැන්දම්මා මරු දකී

Admin

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday