Colombo Today Local News

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

ලොව මෙතෙක් ඉදිවූ විශාලතම නත්තල් ගස කොළඹ ගාලුමුවදොර පිටියේ මේවන විට ඉදි කෙරෙමින් පවතී.

වරාය හා නාවික ඇමති අර්ජුණ රණතුංග මහතාගේ උපදෙස් මත වරයා කතෝලික හා බෞද්ධ සේවක සුබසාධක සංගමය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරන අතර ඒ සදහා රුපියල් මිලියන 10ක මුදලක් වැය වන බව පැවසෙයි. පසුගිය අගොස්තු මාසයේ වැඩ ආරම්භ කළ නත්තල් ගස දෙසැම්බර් නත්තල් දිනය දා විවෘත කිරීමට නියමිතය.

ආගමික සහජීවනය ඇතිකිරීමේ අරමුණින් මෙම නත්තල්ගස ඉදිකරන බවයි අර්ජුන රණතුංග ඇමතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත් වරාය සංවර්ධනය කිරීමෙහිලා ඉටු කිරීමට කොතෙකුත් දේවල් තිබියදී වරායේ මුදල් වියදම් කරමින් සිදුකෙරෙනම මෙම නිෂ්ඵල ඉදිකිරීම පිළිබදව වරාය වෘත්තීය සමිති අප්‍රසාදය පළකර තිබෙනවා. දැඩි සුළං පවතින නත්තල් සමයේ සුළං කපොල්ලක් වැනි ගාලුමුවදොර මෙවැනි ඉදිකිරීමක් සිදුකිරීම අනතුරුදායක බව ඉංජීණේරුවන් පෙන්වා දී ඇතත් ඇමතිවරයා ඒ කිසිවක් සැලකිල්ලට ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ. වත්තල, මීගමුව කිතුණු ප්‍රදේශවල දේශපාලන බලය තහවුරු කරගැනීමේ යටි අරමුණින් අමාත්‍යවරයා මෙම ඉදිකිරීම සිදුකරන බවද ඔවුන් චෝදනා කරයි.

arjun66

Related posts

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

Admin

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

“ප්‍රභාකරන්ගේ යුද්ධය සාධාරණයි.. විසදුමක් නොදුන්නොත් නොසිතූ දේවල් සිදුවෙයි” සම්බන්ධන් රතු එළි දල්වයි

colombotoday

උතුර-නැගෙනහිර ඒකාබද්ධකර බලය බෙදීම අපේ එකම අරමුණයි, රජයත් එවැනි විසදුමකට පොරොන්දු වුණා – සුමන්තිරන්

colombotoday