Colombo Today Local News

අදට දින 7යි.. මහ වැස්සේ තෙමි තෙමී ආබාධිත රණවිරුවෝ තවමත් මහ පාරේ

සේවා විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුවේදී ආරම්භ කළ උපවාසයට හත්වන දිනටත් අද ක්‍රියාත්මක විය. උපවාසයේ නිරත වූ රණවිරුවන් තිදෙනෙක් විජලනය හේතුවෙන් ඊයේ රාත්‍රියේ රෝහල්ගත කෙරිණි.

දෑත් දෙපා අහිමි රණවිරුවන් අද පස්වරුවේ ඇදහැළුණු වර්ෂාවට තෙමෙමින් මහ මග වැතිරී සිටින ශෝචනීය දර්ශනය එම ස්ථානය පසුකළ කාගෙත් හද කම්පාකරන්නක් විය. වෙතත් උපවාසයකදී හෝ මෙවැනි ක්‍රියාමාර්ගයකදී ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ වගකියුතු බලධාරීන් පැමිණ ප්‍රතිචාර දැක්වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වූවද තමන්ගේ දුක්ගැවිලි සම්බන්ධයෙන් මෙතෙක් රජයේ කිසිදු බලධාරීයෙකු පැමිණ සොයා බැලුවේ නොමැති බව උපවාසයේ නිරත රණවිරුවන් පවසති.

කෙසේ වෙතත් අද පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාල ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරල ලබන පෙබරවාරියේ සිට සේවා විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපතිවරයා මීට මාස තුනකට පෙර නියෝග කර ඇති බවයි.

Related posts

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin

පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්

Admin

මහනුවර තදබදය අඩු කරන අලුත් සැලසුමට කිරිඇල්ලගේ ගෝලයෝ අකුළු හෙළති…. පාර වසා කෘතිම තදබදයක් ඇතිකර සැලසුම කඩාකප්පල් කරන්න හදයි…

colombotoday

පෙණහළු බද්ධ කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සුදානම්

colombotoday

අතුරුගිරියේ පිරවුම්හලේ ගැටුමකින් පොලිසියේ 6කට තුවාල.. පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

colombotoday