Colombo Today Local News

ජනාධිපති මාධ්‍ය අංශයෙන් භික්ෂුන් වහන්සේලාට එරෙහිව “මඩ” ව්‍යාපාරයක්

pmuජනාධිපති මාධ්‍ය අංශය විසින් භික්ෂුන් වහන්සේලාට මඩ ප්‍රහාර එල්ලකරමින් සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ තාක්ෂණ හා සංවර්ධන නිලධාරී (Senior Technology & Development Officer) ලෙස කටයුතු කරන හසිත මානඩුව (Hasitha Mananduwa) නැමැත්තා විසින් ජනාධිපති මාධ්‍ය අංශය අවභාවිතා කර මෙම මඩ ව්‍යාපාරය මෙහෙයවන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා නිලධාරීන්ටද හසිත මානඩුව නැමැත්තා විසින් readsrilanka.com නමැති මඩ වෙබ් අඩවිය යොදාගන දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියි.

හසිත මානඩුව නමැති පුද්ගලයා මීට වසර තුනකට ඉහතදි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුණගැසී ඇති අතර බොදු බල සේනා මාධ්‍ය අංශය පවත්වාගන යාම සදහා තමන්ට බාරදෙන ලෙසත් ඒ සදහා මසකට රුපියල් ලක්ෂ ගණනක මුදලක් ඉල්ලා ඇති අතර ඥානසාර හිමි විසින් එය ප්‍රතික්ෂේප කර ඇත. මෙම සිදුවීම හේතුවෙන් වෛරී ලෙස ඥානසාර හිමි ඉලක්ක කර තම වෘතිය යොදාගනිමින් මඩ ප්‍රහාර එල්ලකරමින් සිටින මොහුගේ ක්‍රියාව පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මේවනවිටත් පියවර ගෙන ඇති බව බොදු බල සේනා ප්‍රකාශකයකු සදහන් කර සිටියා.

මාධ්‍ය සදාචාරය සහ මුලධර්ම ආරක්ෂා කරමින් මාධ්‍ය හසුරුවන ලෙස ජනාධිපතිවරයා රටේ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීම් කර ඇති මොහොතක තම මාධ්‍ය අංශයේ සේවය කරන පුද්ගලයින් ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය ගණිකා සේවයේ නිරතකරවීම පිලිබදව ගන්නා පියවර පිලිබදව විමසිලිමත්ව සිටිමු.

rsl1rsl2

Related posts

අධික වර්ෂාවෙන් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්නැයි, ඉල්ලීමක්

colombotoday

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin