Colombo Today Local News

(PHOTO) ජන හදවත් හඩවමින් ආරක්ෂක සේනා ආඥාපති වන්නියට සමුදෙයි

යුද්දයෙන් පසුව වන්නි දිස්ත්‍රික්කට අමිල සේවයක් ඉටු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකවරයා වශයෙන් උසස්වීමක් ලබා එලඹෙන 04 වනදා සිට එහි වැඩ භාරගැනීමට නියමිතය.

2012 වසරේ අගොස්තු මස වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන් වැඩ භාරගත් මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා ගෙවී ගිය වසර 05 කට වැඩි කාලය තුලදී වන්නි දිස්ත්‍රික්කය තුළ යුද්දයෙන් පසුව වැසියන් නැවත පදිංචි කරවීම්, කොටි බිම් බොම්බ හා මර උගුල් ඉවත් කොට භූමිය නිදහස් කරවීම්, යුද්දය හේතුවෙන් මුල් ගම්බිම් දමා ගිය පවුල් 3500කට අධික පිරිසක් නැවත පදිංචි කොට ඔවුන්ට නිවාස හා අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම්, වන්නි පලාතේ බිඳවැටුනු අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා පාසල් ඉදිකිරීම් හා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම් ඇතුළු සාමාජීය කාර්යයන් රැසක් ඉටුකර තිබේ.

එමෙන්ම ප්‍රදේශයේ ආගමික සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් වෙහෙර විහාරස්ථාන හා පල්ලි කොවිල් ගොඩනැගීමට දායක වීම, සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජාතීන්ට එක ලෙස සලකමින් විවිධ වූ ආධාර ලබා දෙමින් දිළිඳුකම පිටු දැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු රැසක් ඉටුකල ශේෂ්ඨ සේනාධිනායකයෙකු වශයෙන් ඔහු වන්නි ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇත.

ආඥාපතිවරයාවීමට පෙර යුද සමයේ මුලතිව් වනාන්තරයේදී ඔහුගේ හිසට කොටි වෙඩි පහරක් එල්ල වුවුද එයින් පැළඳ සිටි හිස් වැසුම පමණක් පසාරු කරගෙන ගිය අතර වෙඩි උණ්ඩයෙන් හිසට හානියක් නොවීම, එම වනාන්තරයේම පීඩන බොම්බයක් උඩ සිට ගත්ත ද බොම්බයට අවැසි තරම් වූ පීඩනය නොවීම හේතුවෙන් පුපුරා නොයාම, යාපනය මණ්ඩතිව්හිදී පැවති සටන්වලදී වෙඩි උණ්ඩ 02ක් සංග්‍රාමික ඇඳුමෙහි කමිස අතට වැදුනද එයින් සුලු තුවාලයක් හැරෙන්නට කිසිදු හානියක් නොවීම යන අවස්ථාවලදී ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙනි.

මණ්ඩතිව්හිදී කොටි සාමාජිකයින් විසින් නිවසක් තුල සිට පැමිණෙන බොනිපස් පෙරේරා වත්මන් ආඥාපතිවරයාට අත් බොම්බ ප්‍රහාරයක් එල්ල කලද බෝම්බය නිවසේ ජනෙල් කූරුවල වැදී නිවස තුලටම වැටීමෙන් ත්‍රස්තවාදීන් විනාශ වී තිබේ.

මෙවැනි වූ සිදුවීම් රැසකින් දිවි බේරාගත් වන්නි ආඥාපතිවරයා වන්නි පලාතේ සිදුකළ සේවය අමිලය.

තමන් සිය සේවා කාලය අවසන් කොට වෙනත් ස්ථානයක රාජකාරී කටයුතු සඳහා යන බවට ජනතාවට දැනුම් දීමට වන්නිආඥාපතිවරයා ඊයේ (01) සවස වන්නි දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මාන රැසකට ගිය අවස්ථාවේදී එහි සිටි වැසියන් හඩා වැලපෙමින් සතුටද දුකද කියා සිටියේ තමන්ට නැවත ජීවිතයක් ලබා දීම ගැන තුති පුදමින් හා තමන්ගෙන් සමු ගැනීම නිසා දුක් වෙමිනි.

මේ අනුව නව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන් මේජර් ජෙනරල් ජේ.ආර්. කුලතුංග මහතා වැඩ භාර ගැනීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වේ.

asianmirror.lk

Related posts

චීන්නුන්ට දුන් සයිනොෆාම් එන්නත්තේ ඉතිරිය ලාංකිකයන්ටත් දෙන්න යයි | නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ එන්නේ පෙනහළුවලට හානි වූ පසුවයි.

colombotoday

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

colombotoday

එජාප ප්‍රබලයෙක් ගෝඨාගේ සහයට එකතු වෙයි…

colombotoday

වඩිවේල් සුරේෂ් ට ජනපතිගෙන් අලුත් වගකීමක්

Admin

දඹුල්ල පූජා නගරයට වෙන් කළ ඉඩම් කැබලි කර විකුණයි…

colombotoday

“මේ ආණ්ඩුවෙන් විවෘත කරන අවසාන උදාගම මෙය විය හැකියි” – 4 වැනිදා පෙරළිය ගැන සජිත්ගෙන් ඉගියක්

colombotoday