Colombo Today Local News

උතුරේ සුළු සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ.. වන්නි ආඥාපති

bonifs-perera
උතුරේ සුළු සිදුවීම් කිහිපයක් ඇති වුව ද ඒවා ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයකින් බල නොපාන බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා පවසයි.

වන්නි ආරක්ෂක මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා සඳහන් කර සිටියේ “ආවා“ කල්ලිය යනු කොල්ල කණ්ඩායමක් වන අතර ඒ තුළින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි.

වන්නි කලාපයේ සියලු ජාතීන් එකිනෙකා අතර සහෝදරත්වයෙන් කටයුතු කරමින් සිටින බව ද මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා මෙහිදී සඳහන් කර ඇත.

උතුරට පැමිණීමට කිසිදු පුද්ගලයෙකු කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බව ද වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා මෙහිදී පවසා ඇත.

උතුරු ප්‍රදේශය තුළ ඕනෑම පුද්ගලයෙකුට පූර්ණ ආරක්ෂාව පවතින බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

සිංහලයෙකු සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවට පල්ලියෙන් දුන් දඬුවම

colombotoday

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

අධ්‍යාපන සුදුසුකම් ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

Admin

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් – ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

colombotoday

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday

පස්යාලේදී මෝටර් රථයක් පියා සහ දියණියට මරු කැදවයි

Admin