Colombo Today Local News

බැදුම්කර මහා වංචාකරුවා අර්ජුන්.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටුවේ නිර්දේශ මෙන්න

cope-2

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු බවද, ඒ අනූව ඔහු ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවටද කෝප් කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව එහි සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මේවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අතර එහි නිර්දේශ ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තවද මෙම වාර්තාවේ නිර්දේශවලට කමිටු සාමාජිකයින්ගේ එකඟත්වයක් පළ වුවද එම වාර්තාව ගැන බෙදීමක් ඇති බව ද ඒ මහතා පැවසුවේය.

අවසන් වාර්තාව සැකසීමේදී පාදක සටහන් නොමැති වාර්තාව සාමාජිකයින් 9 දෙනෙකු ප්‍රතික්ෂේප කළ බවත්, පාදක සටහන් සහිත වාර්තාව සාමාජිකයින් 16 දෙනෙකු ප්‍රතික්ෂේප කළ බවත්, මන්ත්‍රීවරයා කීවේය.

මෙම වාර්තාව සැකසීමේදී නිදිවර්ජිත රාත්‍රී දෙකක් ගත කළ බවද සුනිල් හඳුන්නෙත්ති මහතා වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

විජයකලා ඉල්ලා අස්වෙයි…

colombotoday

සම්මුතිය දෙදරයි ! යාපාගේ කාර්යාලය කබීර් අල්ලා ගනී.. ඇමතිකමේ වැඩ බාර නොගෙන යාපා හැරී යයි..

colombotoday

මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවූ සිදුවීම් පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා – සී.වී. විග්නේෂ්වරන්

colombotoday

නව ලිට්‍රෝ සභාපති මෙන්න

Admin

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday