Colombo Today Local News

ලසන්ත ඝාතනයට චෝදනා එල්ලවූ හමුදා බුද්ධි අංශයේ “උදලාගම” ඇප මත නිදහස්

dsc_0607සන්ඩේ ලීඩර් කර්තෘ ලෙස සිටි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කර රිමාන්ඩ්භාරයේ සිටි හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේමානන්ද උදලාගම මහතා ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් ශාබ්දීන් මහතා අද (27) නියෝග කළේය.

රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත හමුදා බුද්ධි අංශ සාමාජිකයා මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඔහුට විදෙස්ගතවීම අත්හිටවූ අතර, එසේම ඔහුට කිසිදු හමුදා කඳවුරකටයාම මෙන්ම හමුදා බුද්ධි අංශ සමඟ ගනුදෙනු කිරීමද තහනම් කෙරුණි.

මේ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Related posts

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

colombotoday

නැවත සංශෝධනය වූ සිංහල අවුරුදු නැකත්

Admin

“හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් නොවේ” – හරීන්

colombotoday

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday