Colombo Today Local News

“අජිත් පෙරේරා දන්න නීතියක් නෑ.. කෝප් රහස් එළියේ කීම වැරදී.. අර්ජුන් නිවැරදී“ – සුජීව

sujeewa senasingheවිදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාට නීතිය නොතේරෙන බවත් තමන්ට ඔහුට වඩා හොඳට නීතිය තේරෙන බවත් කෝප් කමිටුවේ තීරණ පිළිබඳව එහි සාමාජිකයන්ට මාධ්‍යයට කරුණු දැක්වීමට අයිතියන් නොමැති බවත් අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පවසා ඇත්නම් එය වරදක් බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

“කෝප් එක ඇතුළෙ සිදුවෙන දේවල් එළියට ඇවිත් කියන්න බැහැ. කෝප් එක ගැන එළියෙ කතා කරන්න අපිට අයිතියක් නැහැ. ඔය එළියට ඇවිත් කෝප් එක ගැන කතාකරන අයට කෝප් එක ගැන දැනුමක් නැහැ. අපිත් ආසායි කතා කරන්න. නමුත් එය මාධ්‍යයට විවෘත කරලා නැතිනම් අපි ඒ සම්ප්‍රදාය රැකගත යුතුයි. අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා කෝප් නිර්දේශ කිව්වනම් එක වැරදියි. මම වගකීමෙන් කටයුතු කරන්නේ. මට නීතිය තේරෙනවා…” යැයි සුජීව සේනසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවක් සිදුව නැති බවත් මහ බැංකුවේ එවකට අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වැරැද්දක් සිදු කර නැති බවත් සඳහන් කරමින් සුජීව සේනසිංහ මහතා විසින් පොතක්ද මුද්‍රණය කළේ ය.

අපරාධ පරීක්යෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් මූළ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට හෝ අල්ලස් හො දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මෙන් කෝප් කමිටුවට නිර්දේශ ලබාදිය නොහැකි බවත් කෝප් කමිටුවේ නිර්දේශ කෝනියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමෙන් පසු අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ අර්ජුන් ඇලෝසියස්ටත් ඔහුගේ පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයටත් අපරාධ නඩු විධිවිධාන යටතේ නඩු පැවරීමට කෝප් කමිටුවේ එජාප සාමාජිකයින් නිර්දේශ කළ බවයි.

Related posts

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday

රාජපක්ෂ බල බිදින්න චන්ද්‍රිකා නැවත සටනට.. ආණ්ඩු විරෝධී ‘බලවේගය’ ශ්‍රීලනිපයෙන් නෙරපන්න තීන්දුයි !

colombotoday