Colombo Today Local News

“රාජිතගේ ප්‍රකාශ නිවටයි.. බියගුළුයි“.. දිල්රුක්ෂි ප්‍රති ප්‍රහාර අරඹයි !

dilrukshi-wickremasingheහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමක් සම්බන්ධව තොරතුරු ඔහු වෙත ලබා දුන් බවට රාජිත සේනාරත්න ඇමතිවරයා කල ප්‍රකාශය නිවට බියගුළු එකක් යයි අල්ලස් හා වංචා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතුකළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කියා සිටියි.

එමෙන්ම තමන් කිසිදු අවස්ථාවක බැංකු ගිණුමක් සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාට කතා නොකළ බව ඇය අවධාරණයෙන් යුතුව කියා සිටින්නීය. එසේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සම්බන්ධව නැගෙන චෝදනා ඇය යටපත්කල බවටද කරන ප්‍රකාශ ඇය හෙලා දකින්නීය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තමන්ගේ ඉල්ලා අස්වීමට සෘජුවම හේතු වූ බවත්, රටේ ප්‍රථම පුරවැසියා තමාගේ කාර්යය සහ ස්වාධින කොමිෂන් සභාවේ වැඩකටයුතු පිළිබඳව සැක සංකා පළකිරීමෙන් අනතුරුව තමන් තවදුරටත් එම තනතුරේ රැඳී සිටිම සාධාරණ නොවුන හෙයින් තමන් පිටු හතරක දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා ඉල්ලා අස්වූ බවද ඇය පවසයි.

ඇගේ සේවා කාලය තුලදී සේවකයින්ට අමානුෂික ලෙස සැලකූ යේ යන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට ඇය කියා සිටින්නේ,  තමන් දැඩි පරිපාලකයෙක් බව පිළිගන්නා නමුත් වෙබ් අඩවියකින් කියා තිබුන පරිදී පිළිකා රෝගයකින් පීඩා විඳින නිලධාරිනියකට නිවාඩු ප්‍රතික්ෂේප කළාය යන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

මෙම නිලධාරිනියට වහාම නිවාඩු ලබා දීමට තමන් කටයුතු කල බවද ඇය පවසයි.

මේ රටේ දුෂණය 100%ක්ම තුරන් කල හැක යන විශ්වාසය ඇතුව තමන් කාර්යයට එළබී බවත් මාස 10ක් තුල නඩු 87ක් ගොනු කිරීමට තමන්ට හැකිවූ බවට ඇය පවසන්නීය.

ඇය පෙන්වාදෙන අන්දමටත් මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතී.

(lankanewsline)

Related posts

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

කොළඹ වරාය ලොව විශිෂ්ඨතම වරායන් අතරට.. ස්ථාන පහක් අභිබවා ලබාගත් අලුත්ම තැන මෙන්න

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගත කල උලමාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරිමට පියවර

colombotoday

ඛණිජ තෙල් ගෙන්වීමෙන් ඉතුරු වූ ඩොලර් බිලියන 6ට මොකද වුණේ?

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

colombotoday