Colombo Today Local News

කෝප් කමිටුවේ එජාප නියෝජිතයෙක් විගණකාධිපතිට අමු තිත්තෙන් බැණ වදී.. දගලන්න එපා යැයි තර්ජණය කරයි!

cope-255

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය වසරේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන රුපියල් බිලියන ගණක මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වා ලිඛිත සාක්‍ෂිය ඉදිරිපත් කර ඇති විගණකාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවේ දී (කෝප්) එජාප නියෝජිතයෙක් ඉතාම පහත් අන්දමින් බැණ වැදී ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් සමාජ ජාලාවලද වාර්තා පලවී ඇති අතර‘තමුසේ බුදු හාමුදුරුවො නෙවෙයි. දෙවියනුන් නෙවෙයි. නිකම්ම නිකම් අයිලයෙක්. තමුසේ කියනදේ අපි පිළිගන්නෙ නෑ. අපි කරන්නේ අපට ඕනේ දේ. වැඩිය දගලන්න එපා’ යයි එම නියෝජිතයා විඝණකාධිපතිට දැඩිව බැණ වැදී ඇතැයිද සදහන් වෙයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවසන් වාර්තාව 25 වන දින එලිදක්වන්නට නියමිතය. බැදුම්කර නිකුතුවේදී කිසිදු වංචාවක් සිදුව නැති බවට එම කමිටුවේ එජාප නියෝජිතයින් පසුගිය දින දෙකෙහි දිගින් දිගටම වාද කරමින් සිටිති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇත්තේ ද එයයි.

එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එජාප මතයට එරෙහිව කරුණු දක්වා ඇත. කෝප් කමිටුවේ සභාපතිත්වය උසුලන සුනිල් හඳුන්නෙත්ති මහතා නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම කියා සිටින්නේ ද බැඳුම්කර වෙන්දේසියේ දී බරපතළ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවය.

Related posts

“පටු අරමුණු වෙනුවෙන් හමුදාව අවමානයට ලක් කරනු එපා” – යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කතානායක බරහිට බලල් අතක්.. සුපිරි හෝටලයක සුද්දන් හා කුමන්ත‍්‍රණ…

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

බෞද්ධ මර්ධනයට එ‍රෙහිව හිමිවරුන් මාරාන්තික උපවාසයක.. මහියංගනය රත් වෙයි

colombotoday

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ සාකච්ඡාවක්

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පරහදී කඳුළු ගෑස් උණ්ඩ 50ක් පැහැර ගත් සැකකරු අත්අඩංගුවට

colombotoday