Colombo Today Local NewsHot News

මන්නාරමේදී නාවික හමුදාවට ප්‍රහාරයක්.. සෙබළුන් 3ක් රෝහලේ.. කදවුරෙන් අහසට වෙඩි !

ivy-556මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට පෙරේදා (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවත් එයින් තුවාල ලැබූ සෙබළුන් 03 දෙනෙකු ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවත් සිලාවතුර පොලීසිය පවසයි.

සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් මෙලෙස නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පහරදී තිබේ.

ප්‍රදේශවාසීන් 300කට ආසන්න පිරිසක් එක්වී සෙබළුන් තිදෙනා අරිප්පු නාවික හමුදා කඳවුර ඉදිරිපිටට පහරදෙමින් රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් ගෙවල් මංකොල්ල කෑමට පැමිණි බව පවසමින් ඉතා උණුසුම් අයුරින් කෑගසමින් එම පිරිස කඳවුරේ දොරටුවට ද පහරදී ඇත.

එම අවස්ථාවේදී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා නාවික හමුදා කඳවුරෙන් උඩට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව අල්ලාගෙන සිටි නාවික හමුදා සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනෙකු ග්‍රහනයෙන් මිදී පලාගොස් රෝහල් ගතව ඇති අතර අනෙක් සෙබළා ප්‍රදේශවාසීන් විසින් අරිප්පු කතෝලික පල්ලිය වෙත ගෙන ගොස් තිබේ.

එසේ රැගෙන ගිය සෙබළා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර අද (19) උදෑසන මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම මත ඔහුව නිදහස් කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලීසිය හා මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Related posts

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

colombotoday

යහපාලන රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ ගිවිසුම් 3ක් ගැන විග්නේෂ්වරන් හෙළිකරයි

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව, බොදු බලේ 30 වව්නියාවට

colombotoday

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් !

colombotoday