Colombo Today Local News

නව ත්‍රස්ත මර්ධන පනතේ පිටපතක් පාර්ලිමේන්තුවටත් කලින් ඊළාම් වෙබ් අඩවියක !

ld-eelam

ශ්‍රී ලංකා රජය විසින් කෙටුම්පත් කළ නව ත්‍රස්‌ත මර්දන පනතේ පිටපතක්‌ ලන්ඩන් නුවර ඊළාම් වෙබ් අඩවියකට ලැබී ඇත.

පිටු 58 කින් යුත් මෙම ත්‍රස්‌ත මර්දන පනත ඊයේ (18 දා) එම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබුණි.

මෙම නව ත්‍රස්‌ත මර්දන පනත ජනතාවගේ දැන ගැනීම උදෙසා මෙතෙක්‌ ප්‍රකාශයට පත් කර නැත. එහෙත් ලන්ඩන් නුවර ආරංචිමාර්ග පැවසුවේ ද්‍රවිඩ සන්ධානයේ ප්‍රබලයකුට එම ත්‍රස්‌ත මර්දන පනත ලැබී ඇති බවයි. අතිශයින් රහසිගතයි යනුවෙන් දැක්‌වෙන වගන්තියද එම පනතේ සඳහන් කර ඇත.

මෙම නව ත්‍රස්‌ත මර්දන පනත යටතේ ත්‍රස්‌ත ක්‍රියාවල යෙදෙන්නන්ට විසි වසරකට නොවැඩි සිරදඬුවමක්‌ද දඩයක්‌ සහ දේපළ රාජසන්තක කිරීමද සිදුවේ.

කීර්ති වර්ණකුලසූරිය

444

Related posts

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් එකම වේදිකාවකට

Admin

පොලී අනුපාත ඉහළට.. කොළඹ කොටස් හොම්බෙන් යයි.. බඩු මිළ තවත් ඉහළට !

colombotoday

දේවගැති ජෙරම්ට ඇප

Admin

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා දිනය ගැන ගෝඨාභය හෙලි කරයි…

colombotoday

ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

colombotoday