Colombo Today Local News

“සරත් විජේසුරිය ටොං පචයෙක්.. තුට්ටු දෙකේ මිනිහෙක්.. මහාචාර්යකමටත් ලැජ්ජයි“ – අධිකරණ ඇමති

sarath-vijedasa

මහාචාර්ය සරත් විජේසූරිය කිසිදු වගකීමකින් තොරව වේදිකාවල ඕපාදූප ප්‍රකාශ කරන්නෙක් යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මහාචාර්ය සරත් විජේසූරිය විසින් තමා පිළිබදව සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පලකළේ ස්වර්ණවාහිනියේ සංග්‍රාමය වැඩසටහනට එක්වෙමිනි.

මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්‍ෂ මහතා තමන් හා ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝග කලේය.

මහාචාර්යකම එතරම් තුට්ටු දෙකට නොදමන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ගිරා පෝතකයෙක් සේ ප‍්‍රසිද්ධ වේදිකාවලදී මිනිසුන්ට මඩ ගැසීම තුට්ටු දෙකේ වැඩක් යයිද කී ඇමතිවරයා ‘ඔය වගේ ටොම් පච මහාචාර්යවරයෙක් මං ලංකා ඉතිහාසයේවත් දැකලා නෑ’ යයිද අවධාරණය කලේය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1816158418653633/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සුව ඇමතිට සම්මානයක්

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

මාසෙන් මාලිමාවට වෙච්ච දේ

Admin

සමෘද්ධි සහනාධාර ජූලි 1 වැනි දා සිට – සමෘද්ධි ලැබෙන හැටි මෙන්න

Admin