25 C
Colombo
6 April 2025
Colombo Today Local News

(VIDEO) “මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්“ – නාමල්

namal-rajapaksha

තමාව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියා මිනී මැරුම් නඩුවකට ඇප පිට නිදහස් වී සිටි අයෙකු බවත්, ඔහු තමාටත් වඩා හොරෙකු බව පෙනී ගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) හම්බන්තොට, මෛත්‍රීගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

තමන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් වන්දි ඉල්ලා නඩු දැමූ බවත්, ඉදිරියේදී තවත් නඩු දමන බවත්, තමන් තවමත් මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව විශ්වාසයක් තබා සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

රටේ මිනී මැරුම්වලින් 71% ක් නවත්වා ඇති බව පොලිස්පතිතුමා කියන තත්ත්වයක් තුළ එතුමන්ගේ ආයතනය තුළ සිටින හොරුන් පිළිබඳ සොයන ලෙස තමන් එතුමන්ගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ලංකාවේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකල් සභාවට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවෙනවා – ඇමරිකාව

colombotoday

එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දීර්ඝ කරයි

colombotoday

අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !

colombotoday

ලොක්ඩවුන් නම් රු.5000 ක්, නිරෝධායනය නම් රු.10,000 ක්. රජයෙන් ලබා දීමට යයි.

colombotoday

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

colombotoday

‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා රැසක්

colombotoday