Colombo Today Local News

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන ජනපතිතුමා බලාගනී.. දිය යුතු උපරිම දඩුවම දෙනවා – ලක්ෂ්මන් යාපා

kamba-horu-232හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හිමි විය යුතු දඬුවම ජනාධිපතිවරයා විසින් තීරණය කරාවි යැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳ සාකච්ඡාවකට අදාළව ලබන සිකුරාදා(14) දිනයේ මුදල් මණ්ඩලය රැස්වීමට නියමිත බවත් ඒ මහතා කියා සිටියේය.  එමෙන්ම ඒ මගින්  මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ වි‍ශේෂ තීන්දු, තීරණ රැසක් ගනු ඇතැයිද ඒ මහතා පෙන්වා දී තිබේ.

බැදුම්කර වංචාව පිළිබඳව  අභ්‍යන්තර පරීක්ෂණයන්ද මේ දින වල සිදු කරන බවත්, එම පරීක්ෂණයන් හා මුදල් මණ්ඩලය රැස් වී ගැනීමට නියමිත තීන්දු තීරණ සියල්ලෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන්ට හිමි විය යුතු ඉහළම දඬුවම ලබා දීමට ඔවුන් සියල්ලන් සූදානම් බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

 

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමතිකමකට මටත් ආරාධනා ලැබුණා – ෆොන්සේකා

colombotoday

අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. උද්ධමනය වැඩි වෙලා. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ස්ථාන මාරුවක්

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin