Colombo Today Local News

බුර්කාවක් ඇදගත් පිරිමියෙක් ගම්පහදී අල්ලා පොලීසියට බාරදෙයි.. ආවේ කෙල්ලගේ හොර අල්ලන්නලු

burqa-gmpha23ඇස් දෙක පමණක් පෙනෙන සේ මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කා ඇඳුමකින් සැරසී ගම්පහ දුම්රිය ස්ථානයේ සිටි පිරිමි පුද්ගලයකු ඒ අසල සිටි පුද්ගලයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් එක්ව ගම්පහ පොලිසියට භාරදී තිබේ.

දුම්රිය ස්ථානයේ බංකුවක හිඳගෙන සිට ඇති මොහුගේ ඇස් බැමි විශාල නිසා සැක සිතුණු පුද්ගලයකු මේ පිළිබඳව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. පසුව ත්‍රිරෝද රථ රියැදුරන්, දුම්රිය ස්ථානයේ නිලධාරීන් හා ජනතාව එක්ව සැකකරු ගම්පහ පොලිසියට භාර දී තිබේ.

තමා කටුගස්තොට ප්‍රදේශයේ අයකු බවත් දැනට පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් වේයන්ගොඩ පදිංචි තමාගේ පෙම්වතිය වෙනත් අයකු සමඟ පවත්වාගෙන යන හොර ප්‍රේමය අල්ලා ගැනීමට තමා මෙසේ වෙස් වළාගෙන සිටි බවට සැකකරු පොලිසියට පැවැසූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අතර පසුව සැකකරුට ගවුමද ලබා දී මුදාහැර ඇතැයි පැවැසේ.

Related posts

ව්‍යාජ වීසා හැදූ බත්තරමුල්ලේ කත අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් ඇරඹෙයි.

Admin

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

Admin

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

colombotoday

සඳුදා බස්නාහිර පළාත සම්පූර්ණයෙන් විවෘත කෙරේද ?

colombotoday