World

ධර්ම දේශනයකට බාධා කළ විදේශිකයෙකුට මියන්මාර් අධිකරණයෙන් දැඩි දඩුවම් !

මියන්මාරයේ බෞද්ධ ධර්ම දේශනාවක් පැවැත්වෙද්දී ශබ්ධ විකාශන යන්ත්‍රයක් විසන්ධි කරන ලද බවට චෝදනා එල්ල වූ ඕලන්ද ජාතිකයෙකුට එරට අධිකරණය විසින් බරපතළ වැඩ සහිතව මාස තුනක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

රාත්‍රී කාලයේ විකාශය වූ මෙම ධර්ම දේශනය නිසා සිය නින්දට බාධා වූ හෙයින් ශබ්ධ විකාශන යන්ත්‍රය විසන්ධි කරන ලද බව චූදිත ඕලන්ද ජාතිකයා අධිකරණයට පවසා තිබෙනවා. එහෙත් එය නිදහස කරුණක් නොවන බවත්, ආගමට අවමන් කිරීමේ චෝදනා වලට ඔහු වැරදිකරු වන හෙයින් ඊට දඩුවම් වශයෙන් මාස මාස තුනක සිර දඬුවමක් නියම කරන බව අධිකරණය ප්‍රකාශයට පත්කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මියන්මාරයේ බෞද්ධ උත්සව සම්බන්ධයෙන් වූ නීති මෑතක සිට බල පැවැත්වෙන පරිදි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට මියන්මාර් රජය තීරණය කර ඇති අතර එය විදේශිකයන්ගේ නොසතුටට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. ඊට ප්‍රතිචාර දක්වමින් මියන්මාර් බෞද්ධ අධිකාරිය පවසන්නේ තම රටට පැමිණෙන පුද්ගලයන් ස්වදේශිකයන්ගේ සංස්කෘතිය ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත්, බුද්ධාගම සුරක්ෂිත කිරීම හා නිසි ගෞරවය ලබා දීම රජයේ ප්‍රමුඛතම වගකීම වන බැවින් එලෙස දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් බැදී සිටින බවයි.

ලොව විශාලතම ථෙරවාදී බෞද්ධ රාජ්‍යය වන මියන්මාරය බුද්ධාගමේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දැඩි නීති රීති එරට අධිකරණ පද්ධතියට ඇතුළත් කර තිබෙනවා.

Related posts

මුවන් මරා හිරගෙට නියම වූ සල්මන් ඛාන්ට ඇප

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

colombotoday

වෛද්‍ය විද්‍යාලයක මිනිස් සිරුරු කොටස් ජාවාරමක්

Admin

අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday