Colombo Today Local News

විහාර දේවාලගම් පනත එන සතියේ පාර්ලිමේන්තුවට.. බුද්ධාගමට හානිකරයි – මහසංඝරත්නයේ විරෝධය

ittapane-nahimi

ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය බුද්ධ ශාසනයේ පැවැත්මට ඉතා හානිකර වන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමියෝ පැවසූහ.

දළඳා මාළිගාවේ දියවඩන නිලමේ පත්කිරීමේ දී අමරපුර හා රාමඤ්ඤ නිකායන්ට තිබූ ඡන්ද බලය පවා අහිමි කිරිම මෙන්ම මෙතෙක් පොදු වස්තුවක් ලෙස තිබූ දළඳා මාලිගාවට විහාරාධිපති හිමිනමක් පත්කිරීම යෝජනා කරමින් පාර්ශව කිහිපයක උවමනාව අනුව සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත ඉතා අසාධාරණ බව ද උන්වහන්සේ කීහ.

මෙම පනත් සංශෝධනය කළ යුතු නම් එය කළ යුත්තේ සියලූ නිකායන් හා සියලූ පාර්ශවයන් නියෝජනය වන මණ්ඩලයක නිර්දේශ අනුව බව ද මහ නාහිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය මෙන්ම සියම් නිකායේ කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව, ඌව, රංගිරි දඹුලු, ශ්‍රී රෝහණ, වනවාසී ඇතුළු පාර්ශව හයක්ද මෙම පනත් සංශෝධනය අනුමත නොකරන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියෝ පැවසූහ.

Related posts

“රටේ අපරාධ වැඩිවෙලා නෑ.. මාධ්‍ය නිසයි වැඩිවෙලා වගේ පෙන්නේ“ – පොලිස්පති

colombotoday

“මං කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ” CIDයෙන් පිටතට පැමිණ රිෂාඩ් කිවු දේ

colombotoday

ද.මු දසනායක ඝාතන නඩුවෙන් සැකකරු නිදොස් කොට නිදහස්

colombotoday

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

colombotoday

මට මොකුත් මතක නෑ.. නිදොස් කොට නිදහස් කරන්න – පෝරකයට නියම වූ දුමින්ද කියයි

colombotoday

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday