කිලිනොච්චියේ පිහිටි සතොස සේවකයන්ගේ නේවාසිකාගාර ගොඩනැගිල්ලට (24) පස්වරුවේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් “එළුග තමිල්“ නමින් ජාතිවාදී විරෝධතා ව්‍යාපාරයක් යාපනයේ ස්ථාන කිහිපයකම පැවැත්වුණු අතර, යාපනය සහ අවට ප්‍රදේශවල කඩ සාප්පු වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක්ද ආරම්භ කෙරිණි.
එම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන මොහෝතේදී කිලිනොච්චියේ පිහිටි සතොස ශාඛාව විවෘත කර තිබී ඇති අතර, එම නිසා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා.