Colombo Today Local NewsHot News

ජනමාධ්‍ය ලේකම්ගේ නියෝගය බල්ලට – අගමැති නියෝගයෙන් ITN රටටම බ්ලූ පෙන්නයි !

itn-sex-filmඅද රාත්‍රීයේ ස්වාධීන රූපවාහිනිය හරහා වැඩිහිටින්ට පමණක් සීමා වූ වැඩසටහන් විකාශය කිරීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ස්වාධීන රූපවාහිනී ආයතනය විසින් පුවත්පත් දැන්වීම් ඵලකර ඇත. “දරුවන් නින්දට ගියපසු වැඩිහිටි ඔබට පමණක් නැරඹීමට හැකි වැඩසටහන්“ යැයි එහි සදහන් කර ඇත.

ශිෂ්ඨ සම්පන්න රටකට නොගැළපෙන වැඩසටහන් ජාතික මාධ්‍ය තුලින් විකාශය කිරීම සුදුසු නොවන බවට පෙන්වා දෙමින්, එම වැඩසටහන් විකාශය කිරීම වහාම අත්හිටුවන ලෙස ජනාමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් ITN පාලනාධිකාරියට ලිඛිතව නියෝග කර ඇති බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි. එසේ වෙතත් ජනාමාධ්‍ය ලේකම්වරයාගේ නියෝගය කුණු කූඩයට දමමින් අගමැතිවරයාගෙන් නියෝගයට අනුව පාලනාධිකාරිය විසින් වැඩිහිටි වැඩසටහන් විකාශය කිරීමට තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ වන විට පාඩු ලබන තත්ත්වයට වැටී ඇති ස්වාධීන රූපවාහිනී ආයතනය ප්‍රේක්ෂක දර්ශකවලද පහලටම වැටී සිටින තත්වයක් තුළ අගමැතිවරයා විසින් එහි පාලනය සිය පෞද්ගලික ලේකම්වරයා වන සමන් අතාවුදහෙට්ටිට භාරදී ඇති අතර, වාණිජ මට්ටමේන් ගුණාත්මක හා හරවත් වැඩසටහන් නිශ්පාදනය කර ස්වාධීන රූපවාහනිය ගොඩ ගන්නවා වෙනුවට බාල ගනයේ උපක්‍රම හරහා රේටින්ග්ස් වැඩි කරගැනීමට දරන බංකොලොත් උත්සාහය පිළිබදව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැඩි අප්‍රසාදය පලකරති.

රටේ සංස්කෘතිය, සාදාචාරය වනසන අයට මඩුවල්ගෙන් පහර දීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අගමැතිවරයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ඇති බවද ස්වධීන රූපවාහිනී සේවකයෝ විශ්වාසය ඵලකරති.

Related posts

රිෂාඩ් 07වනදා තෙක් යළිත් බන්ධනාගාරයට

colombotoday

ධීවරයන්ට හා නාවුක හමුදාවට අනතුරු ඇඟවීමක්

colombotoday

විජයකලාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන්න – ප්‍රතිභා මහානාමහේවා

colombotoday

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

colombotoday

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

colombotoday