Colombo Today Local News

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

lanka-mahapolaනැව් සංස්ථාවට අයත් මහපොළ නැව දිනකට අමෙරිකන් ඩොලර් දහස බැගින් ගෙවීමේ කුලී පදනම මත කුලියට ලබාගෙන එම මුදල් ගිවිසුම් අත්සන් කළ දිනයේ සිටම ගෙවීම පැහැර හැර නැව විදේශීය වරායක අතහැර දමා රජයට අමෙරිකන් ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

නැව් සංස්ථාවට අයත් මහපොළ නැව කුලී පදනම මත දිනකට අමෙරිකන් ඩොලර් දහසක මුදලක් ගෙවීම සඳහා 2011-06-21 දින ට්‍රිපල් එස් නමැති සමාගමක් සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඇත. එම සමාගමේ අධ්‍යක්ෂවරු ලෙස වෛද්‍ය සංජය සේදර සෙනරත්, තුෂාර වික්‍රමආරච්චි සහ මහනාග යන තිදෙනකු ගිවිසුමට අස්සන් කර නැව ලබාගෙන ඇති බවත් 2011.06.21 සිට 2013.05.12 දක්වා ට්‍රිපල් එස් සමාගම මෙහෙයුම් කටයුතු සිදුකර පසුව කෙන්යාවේ මෙග්බාසා වරායේ නැව අතහැර දමා ඇති බවත් ගිවිසුම අස්සන් කළ දිනයේ සිට නැව අතහැර දමන ලද දිනය දක්වා ගිවිසගත් ආකාරයට නැව් සංස්ථාවට කිසිදු මුදලක් ගෙවා නොමැති බවත් කපිතාන් ප්‍රියලාල් මැදගෙදර විසින් කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් නැව් සංස්ථාවේ නීති අංශය විසින් ජාතික බේරුම් මධ්‍යස්ථානයට 2014.01.24 දින පැමිණිල්ලක් කරමින් මේ සමාගම විසින් නැව් සංස්ථාවට මිලියන ගණනක මුදලක් වංචා කර ඇති බවද සඳහන් කොට ඇතැයි උසස් නිලධාරියෙක් පැවසී ය.

Related posts

චෛත්‍යයක නැග ඡායාරූප ගත් තිහාරියේ මද්‍රසා පාසලේ මුස්ලිම් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

Admin

රන්ජන්ට කෙල්ලෝ යවන පියුමි හංසමාලි.ප්‍රියාන් මැනික්ගේ රහස් රැසක් එලියට – ලීක් වුන හඬ පටය

colombotoday

නාමල් රාජපක්ෂට තවත් තනතුරක්

colombotoday

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin