Colombo Today Local News

මහින්දගේ බලවේගය සමග පක්ෂ පහක් සන්ධානගතවෙයි… සාකච්ඡාවකට එන්නැයි ජනපතිගෙන් දුරකථන ඇමතුම් !

mahinda rajapaksha
ඒකාබද්ධ විපක්ෂය විසින් ගොනැගීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරය සමග සන්ධානගත වීමට දේශපාලන පක්‍ෂ හයක් සමග ගිය සතියේ පැවැත්වූ සාකච්චා සාර්ථක බව ඒකාබද්ද විපක්‍ෂ ආරංචිමාර්ග පවසයි.

මෙම සාකච්චා පවත්වා ඇත්තේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බවත් ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර තමන් සමග සාකච්ඡාවක් සදහා පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ආරාධනාකර තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම, රංජිත් ද සොයිසා, මහින්දානන්ද අලූත්ගමගේ, කුමාර වෙල්ගම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එලෙස ආරාධනා ලැබූ කිහිපදෙනෙක්. බන්දුල ගුණවර්ධන, පියල් නිශාන්ත සහ ජානක වක්කුඹුර යන මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා සාකච්ඡා සදහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කරයි

colombotoday

තවුහිඩ් ජමාත් නායකයන් ලෙස පෙනී සිටිමින් දඹුලු විහාරයේහිමිගෙන් කෝටි 10ක් ඉල්ලූ 3ක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Admin

නීතිඥ සංගමයේ අයථා මුදල් පරිහරණය ගැන විමර්ශන ඇරැඹෙයි

Admin

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

colombotoday