ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තෙන් පසුවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඊයේ (10) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පලකරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
“ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා අපිට එකතුවුනාම එදාම රෑ ටී.එන්.ඒ නායකතුමා කතාකරලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා ඇයි ඔබතුමා ඩග්ලස් දේවානන්දව ගන්නේ. ටී.එන්.ඒ කැමතියි ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඊලඟ මැතිවරණය තරග කරන්න කියලා. සමහර විට ඊලඟ සන්ධානයේ අපේ කොටසක් වෙන්න පුළුවන් ටී.එන්.ඒ එක”.