Colombo Today Local News

“ශ්‍රී ලංකන්, ලංකා හොස්පිටල්, මත්තල, හම්බන්තොට වරාය පාඩුයි.. පෞද්ගලිකකරණය කරනවා“ – අගැමැති

ranilශ්‍රී ලංකන් ගුවන් සේවය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ නොකළහොත් වසා දැමීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම ආයතන අධික ණය බරකින් යුක්ත බවද එම ණය බර ජනතාව මත පතිත නොකිරීමට නම පෞද්ගලික ආයෝජකයන් සමග රජය ඒකාබද්ධ වැඩසටහනකට යා යුතු බවද අගමැතිවරයා පැවසීය.

“ශ්‍රී ලංකන් ආයතනයේ බිලියන 308 ක ණය මුදල අපට ගෙවන්න බැහැ. හයට්‌ හෝටලය, ලංකා හොස්‌පිට්‌ල් යන ආයතන දෙකම රක්‍ෂණ සංස්‌ථාවෙන් ලබාගත් මුදල්. සංචාරක ව්‍යාපාරයේ අපි රැඳී ඉන්නේ නෑ. හිල්ටන් හෝටලයේ කොටස්‌ අලෙවි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ පනතක්‌ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ පනත යටතේ මණ්‌ඩලයක්‌ පිහිටුවා හම්බන්තොට වරායෙනුත් ආදායමක්‌ ලබා ගන්නවා. ඒත් හම්බන්තොට වරාය වසා දමන්න අපිට වුවමනාවක්‌ නෑ. කර්මාන්ත සියල්ල එනවා. අපට හම්බන්තොට වරායෙන් ප්‍රයෝජන ගන්න මේ යන විදියට ගියොත් ශ්‍රී ලංකන් ආයතනය වසා දමන වේවි. හම්බන්තොට වරායේ, මත්තල ගුවන්තොටුපළේ ණය ලංකාණ්‌ඩුවට ගෙවන්න බෑ. හම්බන්තොට වරායට කොළඹ වරායේ මුදල්, මත්තල තොටුපලට කටුනායක ගුවන්තොටුපලේ මුදල් වියදම් කළා. මේ නිසා කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළත් ගෙන යන්න බැරිවී තිබෙනවා. එනිසා ඒකාබද්ධ වැඩසටහනක්‌ යටතේ රජය සමගින් මෙම ආයතන ගෙන යන්න පෞද්ගලික ආයෝජකයන් කැඳවනවා.“ යැයිද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

colombotoday

තවත් ගුවන් පාලම් 4ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

අවමඟුල් පෙරහැරක තනි රෝදෙන් ගිය තරුණයින්ට එරෙහි වූ තිදරු පියාට හෙල්මට් ප්‍රහාරයක්

Admin

‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘

colombotoday