මැලේසියානු සංචාරය නිමවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කටුණායක බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියේය.
මැලේසියාවේදී කොටි හිතවාදීන් දැක්වූ විරෝධයට ප්රතිවිරෝධය දැක්වීමට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට දහසකට ආසන්න ජනතාවක් කටුනායක ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය අසලට රැස්ව සිටියහ.