Colombo Today Local News

“දුම්වැටි බද්ද 90% කරන්න මම ගෙනා යෝජනාව තවම සම්මත කරල නෑ” – ජනපතිගෙන් මැසිවිලි !

mithrepala

දුම්වැටි බද්ද 90% දක්වා වැඩි කිරීම සදහා කැබිනට් මණ්ඩලයට තමන් ගෙන ආ යෝජනාව සම්මත කිරීමට ආණ්ඩුවේ ඇමතිවරුන් මේ දක්වා කටයුතු කර නොමැති බවත්, වැඩි කල් නොයවා සම්මත කර ගැනීමට මැති ඇමතිවරු කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද කළ යුතු කාර්යය හෙටට කල් දමා මුළු මහත් ජාතියම රෝගීන් බවට පත් කිරීමේ ඛේදවාචකයට උර නොදෙන ලෙස ද ජනාධිපතිවරයා සියලූ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක් වෙමිනි.

රෝහලේ ප‍්‍රතිකාර ලබන දරු දැරියන් සමග උපන්දින කේක් කැපූ ජනාධිපතිවරයා දරු දැරියන්ට සංග‍්‍රහ කළ අතර ඔවුන්ට ත්‍යාග බෙදාදීමට ද එක් විය.

PR_CAN-1

අනතුරුව රෝහලේ ඉදිකරන ලද සයමහල් ගොඩනැඟිලි සංකීර්ණය ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.

එහි ස්ථාපිත ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය සහ විශේෂ සත්කාර ළමා ඒකකය ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ දුම්වැටි සමාගම්වල අධ්‍යක්ෂවරුන් ඉදිරියේ සිටගෙන නිදහසට කරුණු කීමට සිදු වූ ලෝකයේ එකම සෞඛ්‍ය අමාත්‍යවරයා තමා බවයි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ රටේ ජනතාව තමා ජනාධිපති ධූරය දක්වා ගෙන ආ බවද ජනාධිපතිවරයා  සිහිපත් කළේය.

Related posts

“හොරුන්ට හොරු කියනකොට තරහ යනව, මුන් හොරු තමයි” – ඇමති ඩිලාන් උඩ පැන පැන එජාපයට තලයි

colombotoday

7 වැනිදා අර්බුදය නොවිසදුනොත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක්… මහ ලේකම් ලංකාවට…

colombotoday

මලාපවහන ගාස්තු ඉහළට

Admin

හමුදාවට මඩ ගහන තවත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට !

colombotoday

“මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා” – ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

colombotoday

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday