Colombo Today Local News

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුයි.. දැන් ලංකාව හැම අතින්ම දියුණුයි.. යහපාලනය ගැන සතුටුයි – බැන් කී මූන්

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා පවසයි.

ඊයේ (01) දා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ජගත් මහ ලේකම්වරයා මේ බව පැවසීය.

ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ සියලු පළාත්වලට සාධාරණ සංවර්ධනයක් ලබාදීම වෙනුවෙන් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳවත්, ඉදිරියේදී සිදු කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

පසුගිය වසර එක හමාර තුළ ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍රවල ලබා ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කළ ජගත් මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවද ප්‍රකාශ කළේය.නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා දැනට රජය ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී මහලේකම්වරයා දැනුවත් කළේය.

එමෙන්ම නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන කටයුතු, ඉඩම් නිදහස් කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය මාර්ග නඟා සිටුවීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී බෑන් කී මූන් මහතා දැනුවත් කළේය.තමන් ඊයේ පෙරවරුවේ ගාල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත්, එහි තරුණ ප්‍රජාව සමග සංවාදයකට නිරත වීමට තමාට අවස්ථාව ලැබුණු බවත් කී බෑන් කී මූන් මහතා අද ඔවුන් දරන නව ආකල්ප සහ එම ප්‍රදේශවල තහවුරු වී ඇති සාමකාමී සමාජය පිළිබඳ තමන් ඉතා සතුටට පත්වන බවද ප්‍රකාශ කළේය.

Related posts

බේරුවල, අකුරණ, කල්මුණේ ISIS සබදතා ඇති අන්තවාදීන් ගැන බුද්ධි අංශ හෙළි කරයි !

colombotoday

වව්නියාවේදී දෙමළ සහ මුස්ලිම් පිරිසක් ගැටෙයි.. ගුටිකෑ තුනක් රෝහලේ

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

රටේ ආදායමටත් වඩා ණය පොලිය ඉහළට.. විදෙස් ආයෝජකයෝ අකුලගෙන යන්න යයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday