Colombo Today Local News

හමුදා භාරයේ ඇති උතුරේ ඉඩම් හැකි ඉක්මනින් දෙමළ ජනතාවට ලබා දෙනවා – විදේශ ඇමති

සිය ඉඩම් ආපසු ලබා දෙන මෙන් උතුරේ ජනතාව විසින් කරණු ලබන ඉල්ලීම ඉතා සාධාරණ බවත් ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කොට එම ඉල්ලීම කඩිනමින් ඉටු කරණ බවත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් යාපනය නල්ලූර් කෝවිල අසල ආරම්භ කළ දින තුනක ජංගම සේවාවේ දී මහජනතාව විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ ගැටළු වලට පිළිතුරු සපයමිනි.

ඉකුත් නත්තලේ යාපනයට පැමිණි ජනාධිපතිවරයා පොරොන්දුවූ පරිදි හය මසකින් ඉඩම් ආපසු පැවරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාව ඇතුළු ආරක්ෂක බලධාරීන්ගෙන් රජය නිරන්තරයෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

පුලුවන්නම් ඉක්මන් කරන්න කියලා ඒ ගොල්ලන්ට අපි කියනවා දිගටම, යි විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිද්දෙන් තම ඉඩම් ආපසු ලබා නොදෙන්නේ මන්දැයි 25 වසරකටත් වැඩි කලක් අනාථ කඳවුරු වල වෙසෙන ජනතාව විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.

Related posts

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

ප්‍රේමදාස දියණියගෙන් මහින්දට ලිපියක් !

colombotoday

“විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි” – ඒකාබද්ධයේ කැදවුම්කරුත් JVP, NGO, TNA පෙරහැරේ…

colombotoday

අසාද් සාලි යළි රිමාන්ඩ්

colombotoday