2017 වර්ෂය මෙරට දරිද්‍රතාවයෙන් නිදහස් කර ගැනීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29)ජනාධිපති කාර්යාලයේදී පැවැති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ 2017 වසර මෙරට දිළිදුකම අවසන් කිරීමේ වසර ලෙස නම් කරන බවත් ඒ පිළිබද යෝජනාව අද (30) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්ය.