Colombo Today Local News

කිලිනොච්චියේ බුදු මැදුරට තහංචි.. උතුරු සභාව යෝජනාවක් සම්මත කරගනී

Kil23633කිලිනොච්චිය ඉරණමඩු කනකඅම්බිගෙයි අම්මාන් කෝවිල අසළ බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් වහාම නතර කළ යුතු බවට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

සුබ්‍රමනියම් පසුපතිපිල්ලේ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ යෝජනවා කන්දයියා සර්වේෂන් මන්ත්‍රීවරයා විසින් ස්ථීර කර තිබෙන අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියළු දෙනා මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

මෙම බුද්ධ මන්දිරය ඉදිකිරීමට විරෝධය පළකරමින් ද්‍රවිඩ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ දෙමළ ජනතා සභාවේ සභාපති ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ මෙහෙයවීමෙන් පසුගිය 7 වනදා විරෝධතාවක්ද පවත්වා ඇති බවද වාර්තා වනවා.

යහපාලන රජය දකුණේදී පුණ පුණා මතු කරන්නට උත්සහා කරන සහජීවනය උතුරේ ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවන බවට මෙය තවත් එක උදාහරණයකි. දකුණේ ජනතාවට සංහිඳියාවේ අගය කියමින් දඟලන ආණ්ඩුවේ ඉහළ තැන් මේ වැනි පටු අන්තගාමී යෝජනා පිළිබඳව මුණිවත රකිනා අතරේ විග්නේශවරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය හිටු පිණුම් ගසමින් එකක් යන්නට එකක් වශයෙන් මෙවන් ද්‍රවිඩ ජාතිවාදී අදහස් රජ කරවමින් යහපාලන සංහිදියාව නිරුවත් කරමින් සිටිති.

 

Related posts

රජයට මිළියන ගණනක් පාඩු කරලා… කබීර් හෂීම්ට එරෙහිව පැමිණිල්ලක්.

colombotoday

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

colombotoday

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday

අධිකරණ නියෝගය ඇසූ දුමින්දට වලිප්පුව හැදිලා

colombotoday