සිය ප්‍රථම නිල රාජකාරිය ලෙස කිලිනොච්චිය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට එල්ල වී ඇති දේශපාලන බලපෑම් මත කිලිනොච්චියෙන් මාරුකර යැවීමට සිදුවන බවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කර ඇතැයි කියන ප්‍රකාශය නීතියට පටහැනි බල රහිත ප්‍රකාශයක් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
පොලිස්පති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා අමතමින් තමාව කිලිනොච්චියෙන් මාරුකර හරින ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට සිදු වන්නේ යැයි ප්‍රකාශ කළ බව පෙන්වා දෙමින් පාලිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.
පොලිස්පතිවරයාගේ එකී වාචික ප්‍රකාශය නීතියට පටහැනි මෙන්ම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප්‍රකාශයක් බැවින් එකී වාචික ප්‍රකාශය අනුව කටයුතු කිරීම වළක්වන්නැයි පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙ