යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.
අගෝස්තු මස 22 වැනිදා සිටි බලපැවැත්වෙන පරිදි මෙම සේවා දිගුව ලබා දී ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පසුගිය වසරේ පෙබරවාරි 22 දා ජනාධිපතිවරයා විසින් යුද හමුදාධිපති ධුරයට පත්කරනු ලැබීය.