Colombo Today Local News

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

sl debit66

ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9500 ක් ලෙසට දැනට වාර්තා වන බවත්, ඉදිරියේදී එම ප්‍රමාණය රුපියල් බිලියන 10,000 ක් වීමට ඉඩ තිබෙන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වසරේ මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක ත්‍රිපුද්ගල කමිටුවක් මගින් කොපමන ණය ලබාගෙන ඇත්දැයි විමර්ශනය කරමින් යන බවත්, එම කමිටු වාර්තාව ලැබුණු පසුව සම්පූර්ණ ණය ප්‍රමාණය දැනුම්දිය හැකි බවත්, අගමැතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය ණය ප්‍රමාණය පිළිබඳ සියලු වාර්තා හෙළිවී නැති බැවින් දැනට වාර්තා වී ඇති ප්‍රමාණය සියයට 10 කින් පමණ ඉහළ යා හැකි බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය අයවැය අවස්ථාවේදී ගෙවීමට ඇති ප්‍රමාණය ලෙස රුපියල් බිලියන 8,475 ක් ( දළ දේශීය නිෂ්පාදිතයෙන් 74.9෴ ක්) ලෙස සඳහන් වූ බවත්, 2016 වසරේ ණය ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 1209 ක් වූ බවත්, කී අගමැතිවරයා මෙම මුදලින් රුපියල් බිලියන 647 ක් ණය ආපසු ගෙවීම් ලෙසද ගෙවීමට ඇති පොලීය රුපියල් බිලියන 562 ක් ලෙසද සඳහන් වන බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොවුණු රාජ්‍ය ආයතන විසින් ගෙවීමට ඇති හිඟ මුදල්වල එකතුව රුපියල් බිලියන 1358 ක් වශයෙන් සඳහන් වන බවද ඔහු කීය.

වාණිජ තෙල් නීතිත සංස්ථාව රුපියල් බිලියන 124 ක්ද, වරාය අධිකාරිය බිලියන 240 ක්ද, ශ්‍රී ලංකා එයාලයින් බිලියන 308 ක්ද, බිදුලිබල මණ්ඩලය බිලියන 237 ක් වශයෙන් දිගු ලැයිස්තුවක් තිබෙන බව අගමැතිවරයා පැවසීය.

Related posts

බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද? – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

Admin

ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්

colombotoday

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

colombotoday

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin