Colombo Today Local News

උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයි

vigneshvaran26දෙමළ ජනතාවගේ සංස්කෘතියට ගැළපෙන එකම නිජ බිම වන උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එය ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා පැවැසීය.

යාපනය පුස්තකාලයේදී පැවැති දෙමළ ජනතා සභාවේ රැස්වීමක් අමතමින් ඊයේ (07දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“මුස්ලිම් ජනතාව උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දක්වන බැවින් එය දඩ මීමා කරගෙන රජයද ඉන් මගහැරීමට සූදානමක් ඇති වගක් පෙනෙන්නට තිබෙනවා. එල්ල වන බාධා රජයක් වශයෙන් ජය ගැනීමට ශක්තියක් රජයකට තිබිය යුතුයි. මුස්ලිම් ජනයාද උතුරු නැගෙනහිර එක්කිරීම කෙරෙහි අකැමැත්තක් පලකිරීමට කිසිදු හේතුවක් නැහැ.

උතුරු නැගෙනහිර පළාත් සංස්කෘතික වශයෙන් ආරක්ෂා වන්නේ එම පළාත් දෙක එකට එකතු කොට එම පළාත්වලට ගැලපෙන අන්දමට බලය බෙදාහැරෙන ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම තුළින්. රජයත් මුස්ලිම් නායකයිනුත් මේ අවස්ථාවෙදී එය පිළිගත යුතුයි රජය ඒ සම්බන්ධයෙන් නොපමාව කටයුතු කිරීමට උත්සුක විය යුතුයි

Related posts

එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය යාපනයේදී මහජන අදහස් විමසීමයි

colombotoday

ඤාණසාර හිමිට මොකද වුණේ? – Colombo Today ‘රට යන අත‘ කථිකාචාර්ය දිලන්ත විතානගේ සමග…

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

කාසියේ වාසිය ලංකාවට

Admin

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

රිළවුන් අපනයනය ගැන කරුණු කියන්න ලබන 26තෙක් කල්දෙයි

Admin