Colombo Today Local News

ප්‍රසන්න දගලනව වැඩියි.. අයින් කරල දාන්න – චන්ද්‍රිකා මෛත්‍රීට කියයි

chrnd4512

ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වහාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (04) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ පැවති ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී මෙම ඉල්ලීම කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කල යුතුයැයි විජිතමුණි සොයිසා, දුමින්ද දිසානායක යන අමාත්‍යවරු පවසද්දී හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ ඇයි ප්‍රසන්න, එයත් දගලනවා වැඩියි. එයාවත් පක්‍ෂයෙන් නෙරපලා මන්ත්‍රීධූරය අහෝසි කරන්න. කියාය.

ඒ පිලිබදව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ පක්‍ෂයේ ප්‍රභලයන් ප්‍රතිචාර නොදැක්වීම නිසා උරණ වූ හිටපු ජනාධිපතිනිය නැවත නැවතත් පවසා ඇත්තේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීරවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය වහා අත්හිටුවිය යුතු බවයි.

චන්ද්‍රිකාගේ දැඩි බලපෑම හමුවේ මෛත්‍රීරපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරියේදී ඒ පිලිබදව කටයුතු කරන බවයි. තවත් කල් නෑර වහාම ප්‍රසන්නට එරෙහි පියවර ගතයුතු බව හිටපු ජනාධිපතිනිය නැවතත් පවසා ඇතත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉක්මනින් පියවරක් ගන්නා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම්මේලනයට පෙර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හය දෙනෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හටුවීමට එම පක්‍ෂය සැලසුම් කර ඇතැයිද මේ අතර වාර්තා වේ.

Srilankamirror

Related posts

අගමැතිට සුබ පතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් !

colombotoday

ලෝකෙන් උතුම් මව්වරුන්ගේ රට ලංකාවයි.. මව්කිරි දීම සම්බන්ධයෙන් ලොව පළමු තැන අපටයි

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

ශ්‍රීලංකා නිදහස් පක්ෂයයේ සහය ගෝඨාට. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙට

colombotoday

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

Admin

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ශ්‍රී ලංකන් මත්තලට ගොඩබස්වයි !

colombotoday