Colombo Today Local News

කෝකිලායි පන්සල ගලවා ඉවත් කරනු.. උතුරෙන් පිටවෙනු.. විහාරාධිපති හිමිට TNA තර්ජන

mulative 121මුලතිව් කෝකිලායිහී පිහිටි ශ්‍රී සම්බෝධි විහාරයට නැවත වරක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ තර්ජන එල්ල වී තිබෙනවා.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී උතුරු පළාත් ඉඩම් අමාත්‍ය ටී රවිකරන් පැමිණ විහාරස්ථානය ඉවත්කරගෙන එම ප්‍රදේශයෙන් පිටව යන්නැයි විහාරධිපති තිස්සපුර ශ්‍රී ගුණරතන හිමියන්ට තර්ජණය කර ඇති අතර උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

කෝකිලායිහි සිංහල වැසියන් කිතුණුවන් වන හෙයින් එම ප්‍රදේශයට බෞද්ධ විහාරස්ථානයක් අවශ්‍ය නොවන බව පවසමින් කිතුණු භක්තික රවිකරන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජණය කර ඇත.

විහාරාධිපති හිමියන් පෙන්වා දෙන්නේ කෝකිලායි සිංහල විදුහලේ ඉගැන්වීම සඳහා වැඩම කිරීමෙන් අනතුරුව සිංහල දෙමළ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය සහ ගෙවතු වගාව ද ඇතුළුව විවිධ අංශ වලින් දැනුම ලබා දීමට සම්බෝධි විහාරය මගින් කටයුතු කළ බවයි.

ශ‍්‍රී සම්බෝධි විහාරය කෝකිලායි ප‍්‍රදේශයෙන් ඉවත් කළ යුතු බවට උතුරු පළාත් සභාවට ද යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, විහාරය ඉවත් කළ යුතු බවට උතුරු පළාත් මහ ඇමති සී.වි. විග්නේෂ්වරන් විසින්ද මීට පෙර ප්‍රකාශ කර තිබූණා

මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරන්න, විග්නේෂ්වරන් වන්නි පොලිස්පතිට ලියයි.

Related posts

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

colombotoday

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

අවුරුදු 12ක දැරියක් 32 තරුණයෙකු සමඟ කැලෑවකින් සොයා ගනී

Admin

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday

“රෝ” ඔත්තුකරුවා ගැන CIDය විමල් වීරවංසගෙන් ප්‍රශ්නකිරීමට යයි

colombotoday

ආණ්ඩුවෙන් ඉවත්වීමට දින නියමකරගන්නැයි ඉතිරි ශ්‍රීලනිප ඇමතිලාටත් ජනපති දන්වයි…

colombotoday