Colombo Today Local News

අවුරුදු 12ක දැරියක් 32 තරුණයෙකු සමඟ කැලෑවකින් සොයා ගනී

අවුරුදු 12ක වයසේ පසුවෙන පාසල් සිසුවියක් සමග වීරපුර ප්‍රදේශයේ කැලෑවක සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සාලියවැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමඟ සිටි බාලවයස්කාර සිසුවිය ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි පුද්ගලයා ගිරිබාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම සිසුවිය රාජාංගනය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව පොලීසිය සඳහන් කරයි.

වීරපුර ප්‍රදේශයේ පිහිටි කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර දැරියක් සමග පිරිමි පුද්ගලයකු සිටිනවා දැක ඒ බව සාලියවැව පොලිසියට දැනුම් දී තිබේ.

සාලියවැව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කැලෑවට ගොස් සෝදිසි කර පිරිමි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් භාරයට ගෙන ඇත.

දැරිය පාසල අවසන් වීමෙන් පසු මෙම පුද්ගලයා සමග කැලෑ වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

Related posts

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

colombotoday

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

colombotoday

යහපාලන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. අවි ගණුදෙණු චෝදනාවට උදයංග වීරතුංගගෙන් පිළිතුරු

colombotoday

මහින්ද හා ගෝඨා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ලෝක ජල දිනය අදයි

colombotoday