Colombo Today Local News

චීනයට අක්කර 15000ක්.. මාගම්පුර වරාය ආශ්‍රිතව නව කර්මාන්ත 150ක් !

_90557677_5

ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රිත කර්මාන්ත 150 ක ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භකරන බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය සරත් අමුණුගම පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අමාත්‍ය මලික් සමරවික්‍රම සහ චීන තානාපති Yi xian liang ඇතුළු කණ්ඩායමක් සමඟ හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් අතරතුර මාධ්‍යවේදීන් අමතමිනි.

“මොකද අවශ්‍ය හුඟක් දේවල් මෙහේ තියනව. පාරවල් , ගුවන් තොටුපලක්, නැව් තොටුපලක්, හොඳ ලොකු හෝටලයක්, හොඳ කාර්යාලයක් තියනවා. මේ සියල්ල එකතු කරල ඉක්මනටම හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනවා.”

හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපල චීනයට විකිණීමට සැරසෙන බවට නැගෙන චෝදනා පිළිබඳව පිළිතුරු දුන් ජාත්‍යයන්තර වෙළඳ සහ වාණිජ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම, එය ‘සම්පූර්ණ අසත්‍යයක්’ බව පැවසීය.

“දෙගොල්ලොම එකතුවෙලා තමයි සංවර්ධනය කරගෙන යන්නේ. ආණ්ඩුවටත් කොටස් තියෙනවා. දැනටමත් චීන ආයෝජකයෝ සුදානම්ව ඉන්නවා අපිත් එක්ක සම්බන්ධවෙලා මේ සංවර්ධනය පටන් ගන්න,” අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසීය.

“ජනවාරි මාසේ වෙනකොට අපි බලාපොරොත්තුවෙනවා වරායෙත් වැඩ පටන් ගන්න. ඒ වගේම කර්මාන්ත ශාලා දාන්න කලාපයකුත්.”
නව ව්‍යාපෘතිය වෙනුවෙන් තවත් අක්කර 15000ක් ලබාදෙන මෙන් චීනය විසින් ඉල්ලීමක් කර තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා දැන් ඉඩම් සොයා බලමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.

BBC

Related posts

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

Admin

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

colombotoday

වරායේ සිරවී ඇති කන්ටේනර් 800ක් මුදා හැරීමට ඩොලර් නිදහස් කරයි

colombotoday

අන්තවාදය මැඩලන යෝජනා අටක් සමග මාතර විහාරාධිපති හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….

colombotoday

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

colombotoday

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday