Colombo Today Local News

වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ !

hij kokeliyaවව්නියාව A9 මාර්ගයේ පිහිටා ඇති උතුරු පළාතට අයත්වන කොක්එළිය සිංහල ගම්මානයේ ජිවත්වන සිංහලයන් වහාම පිටව යන ලෙස LTTE පිස්තෝල කල්ලි නායකයකුව සිටි සින්නවන් නැමැත්තෙක් යලිත් වතාවක් පසුගිය දින කිහිපයේදීම පැමිණ තර්ජනය කර තිබෙනවා.

දෙමළ ඊළාම් ත්‍රස්තවාදී යුද්දයට පෙර පවුල් 500 ක් පමණ වාසය කෙරූ කොක්එළිය ගම්මානයේ සිංහලයන් එකල මෙම ප්‍රදේශයෙන් පලවා හරිනලද අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල තාවකාලික රැදී සිටි ඔවුන් 2002 සාම ගිවිසුමෙන් පසුව යලිත් තම ගම්බිම් වෙත පැමිණියා. සාම ගිවිසුමෙන් අනතුරුව ඇතිවූ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂිය මෙහෙයුම පැවතී සමයේදී යලිත් ගම්බිම් හැරයාමට කොක්එලිය සිංහලයන්ට සිදුවුණු අතර, යළිත් වතාවක් සිංහල පවුල් 170ක් පමණ 2013 වසරේදී තම මුල් ගම්බිම්වල පදිංචි කිරීමට එකල පැවතී රජයේ අනුග්‍රහයෙන් සිදු කෙරුණා.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමගම මෙම ප්‍රදේශයේ අක්කර 200ක් පමණ හෙළිකර දෙමල පවුල් 240ක් පදිංචි කිරීමටත් සිංහලයන් සතු ඉඩම් තර්ජනය කර ඉතා අඩු මුදලකට මිලට ගැනීමටත් දෙමල ජාතික සංවිධානය විසින් කටයුතු කරනු ලැබුවා. සිංහල ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන අනවසර ලෙස සිදු කෙරුණු මෙම ඉදිකිරීම් සදහා මේ වනවිට විදුලිය, ජලය මාර්ග ආදී පහසුකම් ලබාදීමට රජය සහ දෙමළ ජාතික සංවිධානය කටයුතු කර ඇති අතර එහි මුල් ඉඩම් හිමියන්ගේ අයිතිය අවලංගුකර නව පදිංචිකරුවන්ට අලුතෙන් ඉඩම් අයිතිය ලබාදීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතිනවා.

වවුනියාව කොක්එළිය සිංහල ගම්මානයේ ජීවත්වන අවසාන සිංහල පවුල් 37ත් දෙමළ සන්ධානය ඇතුළු හිටපු LTTE සාමාජිකයින්ගේ තර්ජන ගර්ජන හමුවේ ප්‍රදේශය අතහැර යාමට සුදානම් වෙද්දී ඊනියා සංහිදියා බලධාරීන් මුනිවත රැකීම කණගාටුදායක තත්වයකි.

කුමාර රත්නායක

Related posts

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

colombotoday

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

Admin

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

colombotoday

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු නිමකරයි

colombotoday